ශාන්ත බණ්ඩාර ඇමතිකම ගන්නකම් SLFP කවුරුත් දන්නේ නෑ


ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් ශාන්ත බණ්ඩාර මහතා ඊයේ (11දා) පස්වරුවේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙනු ලැබිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා ආණ්ඩුවෙන් ස්වාධීන වී දින කිහිපයක් ගත වන විට ශාන්ත බණ්ඩාර මහතා මෙසේ රාජ්‍ය අමාත්‍යධුරයක දිවුරුම් දෙනු ලැබීය.

කෙසේ වෙතත් ඔහු රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීම ජනපති මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කරන තෙක්ම නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඒ ගැන දැන නොසිටීම කැපී පෙනෙන සිදුවිමක් වෙයි.

මේ අනුව ස්වාධින වූ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දීම දක්වා වූ ක්‍රියාවලිය අතිශය රහසිගත අයුරින් සිදුව තිබීම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.

කෙසේ වෙතත් ඔහු පෙරේදා දිනයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ට දුරකතනයෙන් කථා කර තම පක්ෂය ස්වාධීනවීමට ගත් ක්‍රියාමාර්ගය එතරම් සාධාරණ නොවන බවට ප්‍රකාශ කර තිබේ.

 

 



Recommended Articles