ශාන් විජයලාල් රිමාන්ඩ්


(UPDATE) අල්ලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් හිටපු මහ අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා ලබන 12දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළෙය.


දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යය ශාන් විජයලාල් සිල්වා ද මහතා අල්ලස් කොමිසම මගින්  අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිරව  රුපියල් ලක්ෂ 165 මුදලකට පුද්ගලික ආයතනකින් පුටු මිලදී ගැනීම , හා එම පුටු අස්ථානගත කිරීම තුළින් දූෂණය නම් වරද සිදුකිරීමට අදාළව සිදුකරන විමර්ශනයක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.



Recommended Articles