ශ්‍රේෂ්ඨාධිකරණයේ සේවකයින් සිවුදෙනෙකුට කොවිඩ්


ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සිවුදෙනෙකුට කොවිඩ්  ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් සියදෙනෙකු සම්බන්ධයෙන් සිදුකළ අහඹු පී.සී.ආර්. පරීක්‍ෂණයේදී සේවකයින් 70 දෙනෙකුට අදාළව නිකුත් කළ ප‍්‍රතිපල වලට අනුව ඉන් සිවුදෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

ඉතිරි සේවකයින් 30 දෙනා සම්බන්ධයෙන් ප‍්‍රතිපල නිකුත් කිරීමට නියමිතව ඇති අතර අද (21) දිනයේදී ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ සේවකයින් 250 දෙනෙකු සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්‍ෂණ සිදුකරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.
 

 



Recommended Articles