ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ කුමක් වුවත් අගමැති මහින්ද - ඩිලාන්


මෛත්‍රීපාල සි‍රිසේන, මහින්ද රාජපක්ෂ දීගයේ  හැට්ටකටු ගලවන්නත් කලින් ළමයි හම්බවී ඇතැයි  පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා බදුල්ලේදී  ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය .

ඔහු මෙසේද පැවසීය,

මෛත්‍රී -රනිල්  දිගයේ මීටත් කලින් දික්කසාදය ලැබෙයි කියලා අපිත් හිතාගෙන හිටියා. නමුත් කල්ගත වෙලා හරි දික්කසාදය උන එක හොදයි .

අපට පේනවා ඒ දික්කසාදයට පස්සේ  අලුතින් ‍ඇතිවු මෛත්‍රීපාල සිරිසෙන හා මහින්ද රාජපක්ෂ ආණඩුවෙන්  දැනටමත් විශාල සහන සංඛ්‍යාවක්  ලැබිල තියෙනවා .

සාමාන්‍යයන් කසාදයක් කරලා දෙවැනි ගමන ගියාට පස්සේ තමයි ළමයි හම්බවෙන්නේ . මේ කසාදේ හැට්ට් කටු ගැලෙව්වෙත් නැහැ දැන් හම්බවෙනවා .

පොහාර සහනාධාර, ඉන්ධන මිල අඩුවීම , කෘෂි ක්ෂේත්‍රෙය් බදු අඩුවීම ,  ජංගම දුරකථන බදු අඩුවීම , දැනටමත් සිදුවෙලා තියෙනවා . ධිවරයන්ටත් සහන දෙන්න කටයුතු කරගෙන යනවා .

ඒකනේ මම කිව්වේ හැට්ට කටු ගලවන්නත් කලින් ළමයි හම්බවෙනවා  කියලා .

පාර්ලිමේන්තු ව විසුරුවා හරින ජනාධිපතිතුමාගේ තීන්දුව හරිය කියල ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වොත් ඊළග පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පනින අයත් පනින්නේනැති අයත් යානදි සියලු කට්ටි එකතුකරගෙන ආයේ එන්නෙත් මහින්ද රාජපක්ෂ මහත්තයාම තමයි .



Recommended Articles