ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණෙයි


කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු 03/16 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මේ ආකාරයට විදේශ රටවල රැකියා සදහා ගොස් , යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

මොවුන් 03/16 දින රාත්‍රී 9.15 ට කුවේටයේ සිට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ මෙම ගුවන් යානයෙන් පැමිණ සිටි පිරිස අතර වැඩි පිරිසක් කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් වූහ .

ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පසුව නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් , රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles