ශ්‍රී ලන්කන් සිංගප්පූරුවට හා මැලේසියාවට ගුවන් ගමන් වැඩි කරයි


ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටුනායක සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් වාර  සතියකට 03 ක් දක්වා වැඩි කිරීමට එළැඹෙන 18 දා සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

මීට අමතරව කටුනායක සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් අතර සතියකට එක් වරක් ගුවන් ගමනක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර තිබේ.

මෙම ගුවන් ගමන් කොවිඩ් - 19 අදාළ ගුවන් ගමන් සීමාවන්ට සහ අදාළ රටවල් විසින් පනවා ඇති දේශසීමා වසා දැමීම් වලට යටත්ව ක්‍රියාත්මක වේ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොළඹ , ගාල්ල සහ මහනුවර ගුවන්  ප්‍රවේශ පත්‍ර අලෙවි කාර්යාල වලින් , ඔබගේ සංචාරක නියෝජිතයන්ගෙන් , +94117771979 දුරකථන අංකයෙන් හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ www.srilankan.com  යන වෙබ් අඩවියට පිවිසීමෙන් දැන ගත හැකිය.



Recommended Articles