ශ්‍රී ලන්කන් වෙත අලුත් සගයෙක් එක්වෙයි


ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සදහා තවත් නවතම ඒ.- 330 - 243 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් කල් බදු පදනම මත ලබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

ප්‍රංශයේ නිෂ්පාදිත මෙම  නව  ගුවන් යානය 01/16 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා ප්‍රමාණය 23 දක්වා වැඩි වී තිබේ .

පුළුල් බද සහිත මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 22 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 240 ක් ඇති අතර එය ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන  බව දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම නව ගුවන් යානය 01/17 දින අලුයම 12.36 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 563 ගුවන් ගමන් අංකය යටතේ ප්‍රංශයේ පැරිස් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර , එය මෙරට වේලාවෙන් 08.05 ට පැරිස් ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා තිබුණි .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මුහුණ දෙමින් සිටින ගුවන් ගමන් ප්‍රමාද වීම සහ අවලංගු වීම් වලට යම් මට්ටමක විසදුමක් ලෙස මෙම නව ගුවන් යානය පැමිණීමෙන් අත් වීමට නියමිතය.


              



Recommended Articles