ශ්‍රී ලන්කන් මහාද්වීප තුනක කළ මෙහෙයුම


 ශ්‍රී ලන්කන් ගුවන් සේවය සංක්‍රමණික ගුවන් මගීන් 289 ක් යොදා ගෙන අද (28දා) කටුනායක ගුවන් තොටුපළේ සිට  මාලේ, ලන්ඩන් සහ මෙල්බර්න් ගුවන් තොටුපළ වෙත සීමිත ගුවන් මෙහෙයුමක් දියත් කළේය.

ඒ අනුව මුලින්ම මාලදිවයින, මාලේ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානය, ගුවන් මගීන් 120 ක් කටුනායක ගුවන් තොටුපළ රැගෙන පැමිණියහ.

මෙසේ රැගෙන පැමිණි සියලුම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ තොටුපළ තුළ දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් විශබීජහරණය කිරීමට ලක් කෙරුණි.

ඉන් පසුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 503 දරන විශේෂ ගුවන් යානය මගින් ගුවන් මගීන් 107 දෙනෙකු එංගලන්තයේ, ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළ වෙත රැගෙන ගියහ.

මෙම ගුවන් මගීන් අතර මාලේ සිට පැමිණි ගුවන් මගීන් මෙන්ම, ශ්‍රී ලංකාවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් ද වූහ .

පසුව මාලේ සහ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගීන් 62 ක් රැගෙන ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළ බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 604 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.මෙම ගුවන් යානා දෙක 5/29 දින එංගලන්තයේ ලන්ඩන් හීත්‍රෝ ගුවන් තොටුපළෙන් සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන් තොටුපළෙන් එම රටවල රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට නියමිතය.

මේ අතර 5/28 දින රාත්‍රී 11.05 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානය බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක් ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකික ගුවන් මගීන් 278 ක් රැගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ඒ අනුව ආසියාව, යුරෝපය හා ඔස්ට්‍රේලියාව යන මහාද්වීප තුනක ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම මෙහෙයුම සිදු කළේය.



Recommended Articles