ශ්‍රී ලන්කන් ප්‍රමාදය තවදුරටත්


තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකට ලක් වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය 10/04 දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.

එහෙත් මෙම ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකින් පසුව 10/04 දින දහවල් 11.37 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ .

එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට 10/04 දින උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබුණි.

එයට හේතු වී ඇත්තේ මෙසේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු නිසාය .



Recommended Articles