ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහයෙන් සම්මාන ද්විත්වයක්


සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ සමූහය විසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශය වෙත , 2021 " ලෙට්ස් "(Let's Talk Cargo ) සම්මාන උළෙලේදී විශිෂ්ඨතා සම්මාන ද්විත්වයක් හිමි වී තිබේ .

භාණ්ඩ සේවා විශිෂ්ඨතා සම්මානය ( Cargo Service Excellence Award ) සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය  වර්ධනය සදහා වූ සම්මානය (Absolutely Cargo Award Groth ) එම සම්මාන ද්විත්වයයි .

කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය ව්‍යාප්ත වීමත් සමග , ගෝලීය ගුවන් ගමන් තාවකාලිකව නතර වී තිබූ අවස්ථාවක , සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ වෙත භාණ්ඩ සහ ගුවන් මගීන් රැගෙන ගුවන් ගමන් ආරම්භ කළ පළමු ගුවන් සේවා අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද සිටිති .

උසස් පාරිභෝගික සේවාවක් සපයමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ , පෞද්ගලික වෛද්‍ය උපකරණ ඇතුළු හදිසි ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කරමින් , ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා වේගවත් , නව්‍ය විසදුම් ලබා දීම මෙම සම්මාන ද්විත්ව ලබා දීමට හේතු වී තිබේ .

එමෙන්ම පසුගිය මාස 10 ක කාළය තුළ සිංගප්පූරුවේ  චැංගි ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලාංකිකයන් 1,500 දෙනෙකු ආපසු ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන තිබේ .

සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපළ ලෝකයේ විශාලතම ගුවන් කේන්ද්‍රස්ථානයක් වන අතර , එහි වාර්ෂිකව ගුවන් මගීන් මිලියන 68 ක් සහ ගුවන් යානා 382,000 ක් සහිත මෙට්‍රික් ටොන් මිලියන 03 ක ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සිදු කරති .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles