ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සම්මානයක්


ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේදී පිදුම් ලබා තිබේ .

මෙම සම්මාන උළෙල රැසියාවේ මොස්කව් නුවර අති උත්කර්ෂවත් අන්දමින් පවත්වා තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2016 වසරේ සිට අඛණ්ඩව මෙම සම්මානය දිනා ගෙන තිබේ .

එසේම ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම සම්මාන උළෙලේදී " ආසියාවේ ප්‍රමුඛ අලෙවිකරණ ව්‍යාපාරය " ට හිමි සම්මානය ද දිනා ගෙන තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉන්දියාවේ ගමනාන්ත 11 කට ද , මාලදිවයිනේ මාලේ සහ ගැන් දූපත වෙත ද , බංග්ලාදේශයේ ඩකා සහ පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් ඇතුළු දකුණු ආසියාවේ ජනප්‍රිය නගර වල පිහිටි ගුවන් තොටුපළ වෙත ද තම ගුවන් යානා පියාසර කරවයි .

එසේම මාලදිවයිනේ මාලේ සහ එංගලන්තයේ ලන්ඩන් අතර ඍජු ගුවන් ගමන් සේවා ද ක්‍රියාත්මක කරවයි .

 



Recommended Articles