නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් තමන්ට දුන් කජු මිනිසෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැරි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඊයේ (10දා) හම්බන්තොටදී පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
“මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද?”