ශ්‍රී ලන්කන් ගුවන් ගමන් අවලංගු නැතිලු, ප්‍රමාදයිලු


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06 ක් 02/27 දින අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණ ද , එම ගුවන් ගමන් අවලංගු වීම් නොව ප්‍රමාද වීම් බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසීය .

එහෙත් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසූවේ එම ගුවන් යානා සියල්ල ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් අවලංගු කර ඇති බවට දැනුම් දී ඇති බවයි .  එසේම එම ගුවන් යානා නැවත පිටත්ව යන වේලාවක් පිළිබඳව  ද තමන් දැනුවත් කර නොමැති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය .



Recommended Articles