ශ්‍රී ලන්කන් ගත් අලුත්ම අවසරය


ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණඩ ප්‍රවාහනය කෙරෙන ශ්‍රී ලන්කන් කාගෝ , ලිතියම් සහ සෝඩියම් අයන් බැටරි ප්‍රවාහනය සදහා වූ අවසරය , ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයෙන් ( International Air Transport Association ) (I.A.T.A.) දකුණු ආසියාවේ පළමු ගුවන් සේවය ලෙස , හිමි කර ගැනීමට සමත් වී තිබේ .

මෙම බැටරි ජංගම දුරකථන , ලැප්ටොප් පරිගණක , ජංගම ඉලෙක්ට්‍රොනික් උපකරණ , දුරස්ථ පාළක , සංචාරක උපකරණ සහ සෙල්ලම් බඩු ආදිය සදහා භාවිතා වට ගනිමින් තිබේ .

මෙම බැටරි මේ වනවිට ලොව පුරා භාවිතය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර , මෙම අවසරය හිමි වීම ශ්‍රී ලංකාවේ විද්‍යත් වානිජ ක්ෂේත්‍රයේ සුවිසල් ජයග්‍රහණයක් හිමි කර ගැනීමක් බවට පත් වී තිබේ .

මෙම අවසරය ලබා ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලන්කන් කාගෝ , ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයේ දැඩි පරීක්ෂණ සහ විගනන ක්‍රියාපටිපාටි රාශියක ඇගැයීමකට ලක් කිරීමෙන් අනතුරුව පිරිනමා තිබේ .

ශ්‍රී ලන්කන් කාගෝ ලෝකයේ රටවල් 21 ක ඍජු ගමනාන්ත 30 ක් කරා සතියක් තුළ පියාසර කරමින් සිටිති .



Recommended Articles