ශ්‍රී ලන්කන් කේටරින් 03 දෙනෙකුට කොවිඩ්


කටුනායක ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ සේවකයින් 03 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

එසේම කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ සිටින 02 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර , ඔවුන් යාපනය දිස්ත්‍රික් මහ රෝහල වෙත වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කර තිබේ .

එමෙන්ම බියගම නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා තුළ සේවය කරන සේවකයින් 42 දෙනෙකු ද මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අනුව බියගම නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කර්මාන්තශාලා 32 ක සේවය කරන සේවකයින් 734 දෙනෙකු මේ දක්වා මෙම කොරෝනා වෛරසයට ගොදුරු වී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගෙන ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .

 



Recommended Articles