ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නාස් ඩෙයිලිගෙන් වීඩියෝ තුනක්


මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති සුප්‍රකට වොගර්කරුවෙක් වන නුසීර් යසීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වීඩියෝ තුනක් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශය සමග ගිවිසුමකට එක්ව තිබේ.

අරාබි හා ඊශ්‍රා යෙල් වොගර්කරුවෙක් වෙන යසීන් නාස් ඩෙයිලි නමින් වීඩියෝ ඉදිරිපත් කරන අතර ඒ සඳහා ඉහළ ප්‍රතිචාරයක් ලෝකය පුරාම තිබේ.

නාස් ඩෙයිලි විසින් ඉදිරිපත් කිරීමට යෝජිත විඩියෝ තුන මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය හා ආයෝජනය ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

 

 



Recommended Articles