ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වන IMF නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂක කෙන්ජි ඔකමුරා මහතා අද (31) මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඇතුළු පිරිසක් හමුවෙමින් මෙසේ ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ජනතාවට සුබසාධනය සලසමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර ඇති විනිවිදභාවයෙන් යුත් සමාජ සුබසාධන හා සමෘද්ධි වැඩසටහන සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා, දිගුකාලීන ආර්ථික වර්ධනයක් සදහා විවිධාංගීකරණය වූ ආර්ථිකයක අවශ්‍යතාවය පෙන්වා දෙමින්, ඒ සදහා ව්‍යාපාරික පරිසරය වර්ධනය කිරීම, මූල්‍ය පාලනය ශක්තිමත් කිරීම සහ දූෂණ විරෝධී නීති හදුන්වාදීම ඇතුළු කරුණුවල වැදගත්කම පිළිබඳව ද පෙන්වා දෙන ලදී.
එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගය තුළ මෙරට ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට ද හැකියාව ලැබෙනු ඇතැයි නියෝජ්‍ය කළමණාකරණ අධ්‍යක්ෂකවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම මෙතෙක් සිදු කරන ලද ආර්ථික ස්ථායීකරණ වැඩසටහන තුළ තවත් ඉදිරි ගමනක් ශ්‍රී ලංකාවට ඇතැයි ඒ මහතා සඳහන් කරන ලදී.

