ශ්‍රී ලංකාවේ පළමු ජනන - ගබඩාකරණ ජල විදුලි බලාගාරයට ශක්‍යතා අධ්‍යනයක්


ජනනය කරන විදුලිය ගබඩා කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ජල විදුලි බලාගරය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශක්‍යතා අධ්‍යනයක් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ සහාය ඇතිව කරන ලද අධ්‍යනයකට අනුව මෙම බලාගාරය මා ඔය නිම්නයේ අරනායක ප්‍ර දේශය හා මහනුවර වැව තැන්න ප්‍ර දේශයේ ඉදිකිරීම සුදුසු බවට හඳුනාගෙන තිබේ.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ආයෝජන ව්‍යාපෘතියේ ඉතිරිව පවතින  මුදල් වලින් සපුරාගැනීමට හැකියාව පවතින බව කැබනට් මණ්ඩලයට විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ පත්‍රිකාවක දැක්වෙයි.



Recommended Articles