ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට නව නායකත්වයක්


ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ  අභිනව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා අද පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තෝරා පත්කර ගෙන ඇත.

පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම්වරයා වූ ඩිව් ගුණසේකර මහතා සිය තනතුරින් ඉල්ලා අස්වෙමින් නව ප්‍රධාන ලේකම් තනතුරට වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ නම යෝජනා කළේය. ඒ අනුව, ඒකමතිකව වෛද්‍ය ජී. වීරසිංහ මහතා පක්ෂයේ නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් පත්කර ඇත.



Recommended Articles