ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ 04ක්


ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් භාවිතය පිළිබඳව පර්යේෂණ හතරක් එළි දැක්වීම නිපුණතා පියසේ දී සිදු විය. ඒ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙනි.

රුසියානු ජනරජය ඒ සඳහා මුල්‍ය ආධාර සපයා තිබූ අතර කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය, ජාතික මූලික අධ්‍යාපන ආයතනය එක් ව පර්යේෂණ සිදු කර ඇත.

එම පර්යේෂණයන්හි අවසන් වාර්තා හතරට අමතරව රුසියානු සහ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම් සකස් කළ ක්‍රියාකාරි වාර්තාවේ අවසන් වාර්තාව ද අමාත්‍යවරයාට බාරදීම මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්  එම්. එන්. රණසිංහ මහතා ඇතුළු පිරිසක් එක් විය.



Recommended Articles