ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙනුත් ණය ගනියි


ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය පියවා ගැනීම වෙනුවෙන් බංග්ලාදේශයෙන් ඉල්ලා ඇති මූල්‍ය  පහසුකම ලබාදීමට එරට බංග්ලාදේශ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මේ අනුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය පහසුකමක් ලබාදීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා බංග්ලාදේශයේ කළ සංචාරයේදී මේ පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.

ශ්‍රී ලංකාව මේ වන විට දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර ශ්‍රී ලංකාවේ විදේශ සංචිත මාර්තු මාසය වන විට ඩොලර් බිලියන 4.05ක අගයක පැවැතුණි.

මේ වන විට බංග්ලාදේශයේ විදේශ සංචිතය ඩොලර් බිලියන 45කි.



Recommended Articles