ශ්‍රී ලංකාව ටෙස්ට් තරගයේ ජය පෙනෙන මානයේ


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයට තරගය නිමා කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස්කරගෙන සිටියි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට තවත් ලකුණු 96ක් පසුපසින් සිටියි.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 247ක් රැස් කළ අතර එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 458ක් රැස් කළේය. පැතුම් නිශ්ශංක ලකුණු 158ක් රැස් ක‍ළේය.



Recommended Articles