ශ්‍රී ලංකා හා මිහින් ලංකා කොමිසමේ කාලය දිගු කරයි


ශ‍්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ‍්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

2006  ජනවාරි මස 01 වැනි දින සිට 2018 ජනවාරි මස 31 වැනි දින දක්වා වු කාලපරිච්ඡේදය තුළ දී අදාළ සමාගම්වල සිදුවූ බව පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති විසින් 2018 පෙබරවාරි 14 වනදා මෙම කොමිසම පත් කරන ලද අතර, එහි නිල කාලය දෙසැම්බර් 31 වනදායින් අවසන්වීමට නියමිතව තිබිණි.

අද (19දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී කොමිසමේ සාමාජිකයන් හමු වූ ජනාධිපති එම පරික්ෂණ කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව විමසා බැලීය.



Recommended Articles