ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සම්මතයි


ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී  වැඩි ඡන්දයෙන් සම්මත විය.

මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද දින (20) පාර්ලිමේන්තුවේදී පැවති අතර විවාදය අවසානයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විජිත හේරත් මහතා මේ වෙනුවෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.

මෙහිදී පැවති ඡන්ද විමසීමේදී මීට පක්ෂව ඡන්ද 66 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 24 ක් හිමි විය. මේ අනුව දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 42 කින් සම්මත විය.

ඉන් අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ඊට අදාළ සංශෝධන එක්කිරීම සිදු විය.

අනතුරුව තෙවැනි වර කියවීම සිදු වූ අතර සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව එය සම්මත විය.

 



Recommended Articles