ශ්‍රී ලංකා පාකිස්තාන තරගය අද


අව­සන් මහා තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා­වට ඉතිරි තරග දෙකෙන් එක් ජය­ග්‍ර­හ­ණ­යක් ප්‍රමා­ණ­වත්ව ඇති පසු­බි­ම­කදී

පාකි­ස්තා­නයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාං­ග­ණ­යේදී ශ්‍රී ලංකා වේලා­වෙන් අද පස්වරු 1.30ට ආරම්භවිමට නියිමිතය.

මෙම තරගාවලියේ අවසන් මහ තරගය සඳහා පාකිස්තාන කණ්ඩායම මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ. අද තරගය ශ්‍රී ලංකාව ජයගත හොත් පාකිස්තානය සමගින් ශ්‍රි ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලබනු ඇත.

අද තරගය ශ්‍රි ලංකාව පරාජය පත්වුවහොත් අනිද්දා එංගලන්තය සමගින් පැවැත්වෙන තරගය ජය ගැනීම හරහාද ශ්‍රී ලංකාවට අවසන් මහ තරගයට ක්‍රීඩා කිරිමට අවස්ථාව හිමිවෙයි යම් හෙයකින් එම තරගයද ශ්‍රී ලංකාව පරාජය වුවහොත් එංගලන්තය හා ශ්‍රි ලංකාව අතර දළ ලකුණ ප්‍රමාණයෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

නව­තම ලකුණු සට­හ­නට අනුව, පාකි­ස්තා­නය අඛ­ණ්ඩව ජය­ග්‍ර­හණ තුන­කින් ලකුණු හයක් ලබා පෙර­මුණ ගෙන සිටින අතර, ශ්‍රී ලංකාව තරග දෙක­කින් එක් ජයක් වාර්තා කොට ලකුණු දෙකක් ලබා දෙවැනි ස්ථානයේ සිටී. එංග­ල­න්තය තමන් සහ­භාගි වූ තරග තුනම පරා­ජ­යට පත්ව ලකුණු සට­හනේ පහ­ළම ස්ථානයේ පසු­වෙයි.

මේ වන විට පාකි­ස්තා­නය ශුද්ධ ලකුණු අනු­පා­තය 0.949ක්, ශ්‍රී ලංකාව -0.348ක් හා එංග­ල­න්තය -0.733ක් රඳවා ඇත.



Recommended Articles