ශ්‍රී ලංකා ටෙලිකෝම් සභාපති ඉවත් කරයි


ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබේ.

අද (20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදීයි එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන තිබෙනවා.

KPMG හි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින්.



Recommended Articles