ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටෙයි


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමට යොදා ගන්නා PT-6 වර්ගයේ ගුවන් යානය කන්තලේ, සුරියපුර ප්‍රදේශයට කඩා වැටී ඇති බව වාර්තා වනවා.


එක් නියමුවෙකු සහිතව පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් PT6 වර්ගයේ ගුවන් යානයක් සමග සබඳතා බිඳ වැටී ඇ​ත. යානය පියාසර කර ඇත්තේ ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරෙනි.

යානය සමග සබඳතා බිඳ වැටෙන විට යානය පියාසර කරමින් සිට ඇත්තේ  කන්තලේ සුරියපුර ප්‍රදේශයට ඉහළිනි.



Recommended Articles