ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවට


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී සදහා 11/30 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන්  පිටත්ව ගියහ .

මෙම පිරිස අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් 20 සහ අනෙකුත් නිලධාරීන් 90 දෙනෙකු සිටි අතර , මෙම කණ්ඩායමේ නායකත්වය වින්ග් කමාන්ඩර් සම්පත් ලියනාරච්චි මහතා විසින් දරනු ලැබීය .

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා බලඝනයේ දැනට රාජකාරී කටයුතු වල නියැලී සිටින භට පිරිස වෙනුවට අනුයුක්ත කිරීම සදහා මෙම භට පිරිස මධ්‍යම අප්‍රිකාව වෙත යොමු කර තිබේ .

මෙම භට පිරිස රැගෙන යාම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් විශේෂ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි . 

එමෙන්ම එසේ සේවය නිමා කරන භට පිරිස ඉදිරි දින වල දී , මධ්‍යම අප්‍රිකාවේ සිට  කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ .

එහෙත් මේ අතර මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයන් අතර මේ වනවිට " ඔමික්‍රෝන් " නැමැති විකෘති කොරෝනා ප්‍රභේදයක් පැතිර යමින් පවතී .



Recommended Articles