ශ්‍රී ලංකන් සෙරෙන්ඩිවා විවේකාගාරය විවෘත කරයි


කටුනායක ගුවන් තොටුපළ , ශ්‍රී ලංකන් " සෙරෙන්ඩිවා " විවේකාගාරය , මාස 11 ක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා තිබීමෙන් පසුව පසුගිය දා විවෘත කිරීම සිදු විය 
 දැකුම්කළු දුඹුරු වර්ණයෙන් නිමවා ඇති මෙම විවේකාගාරය , අභ්‍යන්තරය හරිත වර්ණයෙන් සහ ශ්‍රී ලංකාවේ ඓතිහාසික බිතුසිතුවම් වලින් හැඩ ගන්වා තිබේ .
එකවර පාරිභෝගිකයන් 50 දෙනෙකුට පමණ නවාතැන් පහසුකම් සහිත මෙම විවේකාගාරය වෙත , ප්‍රනීත ආහාර පාන බුෆේ ක්‍රමයට සම්පාදනය කෙරේ .
මෙම විවේකාගාරය තුළ නොමිලේ අන්තර්ජාල සහ වයිෆයි පහසුකම් සළසා තිබේ .
ළඹෙමින් තිබෙන ශීත ඍතුවේදී ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සංක්‍රමණික ගුවන් මගීන් ඇතුළු අනෙකුත් ගුවන් මගීන්ට  මෙම විවේකාගාරය අතිශයින්ම ප්‍රයෝජනවත් විය හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශ්වාසය පළ කරයි


Recommended Articles