ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අක්‍රමිකතා සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්


2010-2025 කාලසීමාව තුළ සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ සීමාසහිත ගුවන්​තොටුපොළ සහ ගුවන් සේවා(ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම තුළ සිදුව ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

මෙම කමිටුවේ සභාපති ලෙස හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණි විජේසිංහ මහතා පත් කිරීමටද අනුමැතිය හිමිව ඇත. 



Recommended Articles