ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ​ට


ශ්‍රී ලංකන් කේටරින් ආයතනය තුළින්  01/03 දින තවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 02 දෙනෙකු සොයා ගැනීමත් සමගම , ශ්‍රී ලංකන් කේටරින් ආයතනයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගොස් ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .

එසේම මෙම ආයතනයේ තවදුරටත් මෙම කොරෝනා වෛරසය ආසාදිත සේවකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පී.සී.ආර්.පරීක්ෂණ දිගටම සිදු කිරීමටත් පියවර ගෙන ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

මේ අතර කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් ද 01/03 දින තවත් කොරෝනා ආසාදිත රෝගීන් 02 දෙදෙනෙකු සොයාගෙන ඇති බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා ප්‍රකාශ කළේය .

මෙයින් එක් අයෙකු සීදුව ප්‍රදේශයේ අත් ආවරණ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සේවිකාවක් වන අතර , අනෙක් ආසාදිතයා වයස අවුරුදු 09 ක කටුනායක හීනටියන ප්‍රදේශයේ පදිංචි  කුඩා දරුවෙකි .

ඔවුන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා වතුපිටිවල රෝහල වෙත යොමු කිරීමට පියවර ගනිමින් සිටින බව සුරේෂ් කුමාර මහතා වැඩිදුරටත් පැවසීය .

කටුනායක ටී.කේ.ජී.කපිල



Recommended Articles