ශ්වසන ආබාධයකට අපුර රෝහලට ඇතුලත් කළ සැරයන් මරුට


හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන්වරයෙකු අද (2දා) අළුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉරට්ට පෙරිය කුලම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටි  අංක 20 , යාය හතර , සියබලංගමුව, ගල්ගමුව ලිපිනයේ පදිංචි, පො.සැ. ජේ.කේ.ඩී. ධර්මතිලක (51828) නැමති අයෙකි.

මරණකරු ශ්වසන ආබාධයක් හේතුවෙන් ඊයේ  (1දා) රාත්‍රී 8.35ට  අනුරාධපුර ශික්ෂණ රෝහලට  කර ප්‍රතිකාර ලබමින් සිටියදී  (2දා) රාත්‍රී 12.10ට පමණ  ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය කියයි.

එම මරණයට හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව  කල විමසීමකදී රෝහල් ප්‍රකාශකයකු පැවසීය.  



Recommended Articles