වෛද්‍යෙවරයෙකුගෙන් පොසොන් දා නොමිලේ ප්‍රතිකාර


නිකවැරටිය ප්‍ර දේශයේ වෛද්‍යෙවරයෙකු විසින් පොසොන් පොහොය වෙනුවෙන්  ,රෝගී ජනයාට නොමිලේ ප්‍රතිකාර හා ඖෂධ ලබා දීම දවස පුරා ඔහුගේ නිකවැරටිය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී  සිදු කෙරිණි .

නිකවැරටිය රෝහල් නිර්වින්දන වෛද්‍ය  අසංක හේරත් මහතා.විසින් ,⁣ හය වන වරටත් මෙම ප්‍රතිකාර සහ ඖෂධ  දන්සැල  පැවැත්විණි.

මෙදින ප්‍රතිකාර  සඳහා විශාල රෝගීන් පිරිසක්ද පැමිණ සිටි අතර ඔවුනට  බෙලිමල් සංග්‍රහයක් ලබාදීමට ද කටයුතු කෙරිණි.  

නිකවැරටිය ප්‍රියානි මංගලිකා

 



Recommended Articles