වෛද්‍ය ප්‍රතිකාර නොමැති 394 ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද  දින සවස 4.00 පමණ වනවිට , කොරෝනා වෛරසය ආසාදනය වී වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමු කිරීමට රෝහල් හෝ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැතිව රෝගීන්  394 දෙනෙකු ඒ ඒ සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස තුළ  රැදී සිටින බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

ඒ අතර අද දින කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 311දෙනෙකු  සිටින බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

අද  දින දිස්ත්‍රික්කය තුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළින් කොරෝනා ආසාදිතයන් 215 දෙනෙකු ද , දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් තුළින් කොරෝනා ආසාදිතයන් 96 දෙනෙකු ද සොයාගෙන තිබුණි .

එසේම අද දින කොරෝනා ආසාදිතයන් හදුනා ගැනීම සදහා පී.සී.ආර්.පරීක්ෂණ 2,461 ක් ද සිදු කර තිබූ බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය .

එමෙන්ම අද දින කොරෝනා රෝගී තත්වය සදහා ප්‍රතිකාර ගැනීමට දිස්ත්‍රික්කය තුළ පිහිටි රෝහල් සහ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත නව රෝගීන් 280 දෙනෙකු ඇතුළත් වී තිබු බව ද වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

 

 

 



Recommended Articles