වේරහැර හා නාරාහේන්පිට කාර්යාල තාවකාලිකව වසා දමයි


ලබන සතිය තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය හා වේරහැර කාර්යාලය මහජනතාව සඳහා විවෘත නොකෙරෙන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේ, එම දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය කාර්යාලවල ද සේවාවන් සීමිත කර ඇති බවය.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන තිබේ.

 



Recommended Articles