වෙළඳපොලේ සීනි හිඟයක්


පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා පාලන මිලක් පැනවීමත් සමඟම  බොහෝ වෙළඳ සැල් වල  සීනි හිඟයක් ඇතිවී තිබීමෙන් පාරිභෝගිකයන් ඒ ආශ්‍රිත  ක්ෂේත්‍ර ගණනාවක නිෂ්පාදකයන්, හෝටල් හිමියන් දැඩි අපහසුතාවයට පත්වී ඇත.

සුදු සීනි කිලෝ එකක පාලන මිල රුපියල් 275ක් වශයෙන් නියම කෙරුණද තමන්ට තොග වශයෙන් ලැබෙන්නේ ද එම මිලටම බවත් ,එම මිලට ලැබෙන්නේ කිලෝ 50 ක එක මිටියක් පමණක් බවත්  වෙළෙන්දෝ පවසති.

මේ හේතුවෙන් තමන් එම සිනි මිටිය රැගෙන විත් පැකට් කර රුපියල් 295/= වැනි මිලකට පාරිභෝගිකයන්ට එක කිලෝව බැගින් පමණක්  අලෙවි කරන බවත්  ඔවුහු කියති.

ඇතැම් වෙළඳසැල් හිමියන් පාරිභෝගිකයන්ට රුපියල් 160 ක මිලකට සීනි ග්‍රෑම් 500 ක් පමණක් ලබා දීමට කටයුතු කරන අයුරු ද  අසන්නට ලැබිණි.

වෙළඳපොලේ සිනි හිඟවීම හේතුවෙන් බේකරි හිමියන්, ආපනශාලා හිමියන් මෙන්ම  රසකැවිලි නිෂ්පාදකයන් දැඩි  අපහසුතාවයට පත්ව ඇතැයි දැනගන්නට ඇත. 



Recommended Articles