වෙසක් කූඩු හදන්න බටගස් කපන්න පන්සලට ගිය 13 හැවිරිදි සිසුවාට හිමිනම අතවර කරලා


වෙසක් කූඩු සකස් කිරීමට බට කැපිමට පන්සලට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙකුට ලිංගික අතවර කල 27 හැවිරිදි  හිමිනමක කළුතර දකුණ පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, මෙනේරිතැන්න ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනමක බව පොලිසිය කීය.

වින්දිත පාසල් සිසුවා දෙමාපියන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන් සමග පොලිසියට කල පැමිණිල්ලක් අනුව සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන තිබේ.

වින්දිත සිසුවා රෝහල් හතකර ඇති බවත්, සැකකාර හිමිනම කළුතර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශය පරීක්ෂණ පවත්වති.


පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles