වෙල්යායෙන් මතු වූ පෙන බුබුලු


පස්සර මඩුගස්තලාව ගම්මානයේ ගන්නිල වෙල්යායේ අද (31දා)  අළුයම් කාලයේ  තැන් කිහිපයකින් විශාල පෙන බුබුලු මතුව තිබිම නිසා ඔවුන් භිතියට පත්වු බව  ගැමියන් පවසති.

මහ කන්නයේ අස්වැන්න නෙළා අවසන්වු වෙල්යායේ ඉපනැල්ලේ ජලය ගලා යන වක්කඩ කිහිපයක් ආශ්‍රිතව  මතුව තිබුන විශාල සුදු පැහැති පෙන බුබුළු ඉර පායනවාත් සමග දිය වී ගිය බව ගම්වාසීන් කියයි.

මෙම වෙල්යායේ තිබෙන උල්පත් වලින් කිවුල්  ජල බුබුලු නිතර පිටාර ගැලීම නිසා මෙයට පෙරත් අවස්ළුා කිහිපයකදීම කුඩා පෙන බුබුලු මතුව තිබුන බව ගොවීන් කියන අතර මෙවර විශාල ප්‍රමාණයේ පෙන බුබුලු මතුව තිබේ.

ලුණුගල ප්‍රසන්න පත්මසිරි



Recommended Articles