යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙරළ බඩ විවේකානන්ද කන්ද පාර ප්‍රදේශයේදී ඊයේ (30දා) රාත්‍රි සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි බ්‍රෝකර්වරයකු සහ පොලියට මුදල් ලබා දෙන්නකු ලෙස කටයුතු කළ සුන්දරම් ඇන්ටනී බර්නාඩ් 51 යන අයයි.
මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති අතර ඔහුගේ හිසට සහ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත. රෝහල් ගත කිරීමේදී ඔහු මියගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙරළබඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

