වෙඩි වැදුණ සැරයන් ජීවිතක්ෂයට


මල්වතුහිරිපිටිය පොලිස්ථානයට අනුබද්ධව සේවය කරමින් සිටියදී රාත්‍රී වාහන පරීක්ෂා කරමින් සිටි අවස්ථාවේ  සැකකරුවෙකු සමග පොර බැදීමේදී මුහුණට වෙඩි  වැදීමෙන් දරුණු ලෙස තුවාල ලබා   කොළඹ ජාතික රෝහලට ඇතුලත් කොට ප්‍රතිකාර  ලබමින් සිටි සැරයන් ශ්‍රියන්ත රත්නවීර මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. 

පූගොඩ , මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රියන්ත මහතා තිදරු පියකු වන අතර  මිය යන විට 51 වෙනි වියෙහි පසුවිය. 

රාත්‍රී මුර සංචාරයේ නිරතව සිටියදී ඉකුත් 10 වෙනි දින අලුයම  1 ට පමණ ත්‍රීරෝද රථයක් පරීක්ෂා කොට සැකකරුවෙකු අත් අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ ඇතිවූ පොරබැදීමේදී සැරයන්වරයා සතුව තිබූ රිවෝල්වරයෙන් වෙඩි වැදීම සිදුව තිබිණි. 

මෙම අවස්ථාවේදී ත්‍රී රෝද රථයේ  පැමිණි පුද්ගලයා රිවෝල්වරය රැගෙන පළා ගොස් සැගවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ අලුයම අත් අඩංගුවට ගෙන ගම්පහ මුලස්ථාන පොලීසිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගම්පහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. 

ජීවිතක‍යටපත් සැරයන්වරයාගේ දේහය ඊයේ  මණ්ඩාවල නිවස වෙත රැගෙන ඒමට නියමිතව තිබූ අතර අවසන් කටයුතු පොලිස් උත්තමාචාර සහිතව 14 වෙනි බදාදා පස්වරු 3 ට පැල්පිට පොදු සුසාන භූමියේදී  සිදු කිරීමට නියමිතය. 

ගම්පහ තිලකරත්න දිසානායක



Recommended Articles