වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට, තිදෙනෙක් රෝහලට


කළුතර - උතුර මාඩිය මංකඩ ප්‍රදේශයේ අද (14) සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මේ අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ බාබර් සාප්පුවක් තුළ සිදු කළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් සිව් දෙනෙක් තුවාල ලැබීමෙන් අනතුරු සිදු කළ රෝහල් ගත කිරීමේදී පුද්ගලයෙක් මියගොස් තිබේ.

තුවාල ලැබූවන්  කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.



Recommended Articles