වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අල්ලයි


දෙහිවල පොලිස් වසමේ නිසල අරණ සුසාන භූමිය තුලදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන්  බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. 

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයන්හි වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් කාන්තාවක් 2026.08.02 දින මිහින්තලය පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අපරාධ සඳහා භාවිත කළ ජංගම දුරකථන 02 ක්, ගමන් බෑගයක්, අපරාධ සිදුකිරීම වෙනුවෙන් සැකකරුට ලබා දී තිබූ බවට සැකකරන රුපියල් ලක්ෂ 280,000/= ක (දෙලක්ෂ අසූදාහක) මුදල බැංකු ගත කරන ලද ගිණුම් වලට අදාල ATM කාඩ්පත් 02  ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අවුරුදු 47 ක් වන මිහින්තලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර  සැකකාරිය අවුරුදු 35 ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම අපරාධයේ යතුරුපැදිකරු ලෙස ක්‍රියා කළ සැකකරු 2026.07.26  දින මිරිහාන පොලිස් වසමේ දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන  මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


 
2026.07.23 වන දින වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත ප්‍රදේශයේදී කාර් රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන්  බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. 

ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු 2026.08.02 දින නවගම්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අපරාධ සඳහා වෙඩික්කරුවන්ට කාර් රථය ලබාදී ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. සැකකරු අවුරුදු 18 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත උතුර දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.



Recommended Articles