වෘත්තීය සමිති රැසක් අද විරෝධයේ


කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් ගිවිසුමට එරෙහිව සහ මෙරට LNG සැපයුම අමෙරිකාවේ නිව් පෝට්ට්‍රස් සමාගමට ලබා දීමට විරෝධය පළ කරමින් අද (03) ඛනිජතෙල්, වරාය, විදුලිය සහ ජල සම්පාදන ආයතන ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් තීරණ​ය කර තිබේ.

විරෝධතා හේතුවෙන් විදුලි බිඳවැටීම් සහ ජල සැපයුමට බාධා සිදුවුවහොත් එහි වගකීම තමන් භාරනොගන්නා බවයි එම වෘත්තීය සමිති සඳහන් කර සිටියි.

මේ අත​ර විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වෙයි.



Recommended Articles