වූහාන්හි බරපතල තත්ත්වයේ සිටි අවසන් රෝගියාත් සුවය ලබයි


බීජිං, අප්‍රියෙල් 24 (ෂින්හුවා) - කොවිඩ් 19 රෝගය මුලින්ම වාර්තා වූ මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වුහාන් නුවර අසාද්‍ය තත්ත්වයේ පසදුව COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව බිංදුව දක්වා පහළ බැස තිබේ.

වුහාන් හි අසාද්‍ය තත්ත්වයේ පසුවූ රෝගියාද අද (24දා) සුවය ලබා ඇති බව  ජාතික සෞඛ්‍ය කොමිසමේ (එන්එච්සී) ප්‍රකාශක මයි ෆෙන්ග් බීජිංහි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

සිකුරාදා නිකුත් කළ කොමිසමේ දෛනික වාර්තාවට අනුව, වුහාන් හි දරුණු තත්ත්වයේ සිටි රෝගියා ද බ්‍රහස්පතින්දා වන විට හුබෙයිහි සිට එකම අසාද්‍ය තත්ත්වයේ රෝගියාද වූයේය.

බ්රහස්පතින්දා හුබෙයි හි නව තහවුරු කරන ලද සිද්ධීන් කිසිවක් වාර්තා වී නොමැති අතර පළාතේ සැක සහිත රෝගීන්ද නොමැත.

අළුතින් තහවුරු කළ හෝ සැක සහිත රෝගීන් හුබෙයි පළාතෙන් වාර්තා නොවූයේ  අඛණ්ඩව 20 වැනි දිනයටය.

 

 



Recommended Articles