වූහාන්වලින් ආපු සිසුන් හොඳින්


චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

දිනකට තුන්වරක්  ඔවුන් පරීක්ෂා කිරීම සිදුකරන බවත්, ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් ලබාදී තිබෙන බවද පවසා සිටියේය.

දියතලාව කඳවුරට ඇතුලත් කර අද (05දා) දින පහක් ගතවී තිබෙන බවත්, ඔවුන්ට තව දින 08ක කාලයක් රැදී සිටීමට සිදුවන බවද පවසා සිටියේය.

 



Recommended Articles