වූහාන් නුවරින් දින 6කට පසුව කොවිඩ් 19 රෝගියෙක් වාර්තා වෙයි


වුහාන්, මාර්තු 24 (ෂින්හුවා) - දින හයකට පසුව චීනයේ වූහාන් නගරයෙන් කොවිඩ් 19 ආසාදිතයෙක් හමුවූ බව හුබෙයි පළාත් සෞඛ්‍ය කොමිෂම පවසයි.

හුබෙයි පළාතෙන් වාර්තා වූ එකම කොවිඩ් ආසාදිතයා මෙය වෙයි. හුබෙයි පළාතෙන් නව මරණ හතක් වාර්තා වූ අතර ඒ සියල්ලම වුහාන් නුවරින් වාර්තා විය.

සඳුදා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 444 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් තිබේ. රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් 4,200 දෙනාගෙන් 1,203 දෙනෙකු තවමත් බරපතල තත්ත්වයේ පසුවෙයි.

හුබෙයි පළාතෙන් COVID-19 තහවුරු වූ රෝගින් සංඛ්‍යාව 67,801 ක් වන අතර එයින්  50,006 ක්ම වූහාන් නුවරින් වාර්තා වෙයි.



Recommended Articles