වීසා නොමැතිව රැඳී සිටි නයිජීරියානු ජාතිකයෙකු අත්අඩංගුවට


වීසා නොමැතිව මෙරට රැඳී සිටි  නයිජීරියානු ජාතිකයෙකු  17 බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි . සැකකාර නයිජීරියානු  ජාතිකයා  32 හැවිරිදි පුද්ගලයෙකි. බොරලස්ගමුව බෙල්ලන්විල ප්‍රදේශයේ  සැකකරු තාවකාලිකව පදිංචිව සිට ඇතැයි විමර්ශනවල දී හෙළි වූ බව ගල්කිස්ස පොලිසිය කියයි. සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles