වීසා ඉක්මවී ලංකාවේ රැදි සිටි විදේශිකයන් 50ක් අල්ලයි


වීසා කාලය ඉකුත් වී නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 50 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් ගොඩනැගිල්ලක් තුළ සැගවී සිටියදී 05/04 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ .

ආගමන විගමන පාළක ජනරාල්වරයාට ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .  මෙසේ අත් අඩංගුවට ගත් 50 දෙනා අතරින් 48 දෙනෙකු වියට්නාම් ජාතිකයන් වන අතර ඉතිරි දෙදෙනා චීන ජාතිකයන් වේ.ඔවුන් අතරින් 33 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර ඉතිරි 17 දෙනා කාන්තාවන් වේ .

 මොවුන් සියලුම දෙනා වයස අවුරුදු 20 ත් - 35 ත් අතර පසුවන්නන් වේ . මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු  ආගමන විගමන පාළක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් මත , පාළක විමර්ශන සහ මෙහෙයුම් විපුල් කාරියවසම් මහතාගේ අධීක්ෂණය යටතේ , ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරී හරිත පාඩියප්පෙරුම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් සිදු කර තිබේ .

මෙසේ අත් අඩංගුවට ගත් විදේශිකයන් පිරිස මේ වනවිට වැළිසර රැදවුම් මධ්‍යස්ථානය වෙත රැගෙන එමින් තිබෙන අතර ඔවුන් කඩිනමින් පිටුවහල් කිරීමට නියමිතය .

                  



Recommended Articles