වී වලට අමතරව ධාන්‍යයත් වවන්න


වී වගාවට අමතරව ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.

පවතින වසංගතය ත්ත්වය හේතුවෙන් ඉදිරියේදී  විදෙස් රටවල් වලින් ධාන්‍ය බෝග ආනයනය කල නොහැකි ත්ත්වයක් ඇතිවිය හැකිබැවින් ඒ සඳහා යොමුවීම වැදගත් බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය .

මෙවර වී වගාව ආරම්භ කර ඇති ගොවීන්ට ජලය ලබා දීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ ජානකී මීගස්තැන්නේ මහත්මිය පැවසුවාය .

වී වගාවට අමතරව  මුං, කවුපි, බඩඉරිඟු ආදී ධාන්‍ය බෝග වගාවට යොමුවන ලෙසද ගොවීන්ට දැනුම්දෙන බවද ඇය සදහන් කළාය.



Recommended Articles