වී වගා හානි උපරිම අක්කර 05ක් දක්වා පමණයි


2‍021/2022 වී වගා හානි සඳහා වන්දි ගෙවීමේදී එම වන්දි ගෙවීම උපරිම අක්කර 05ක් සඳහා පමණක් ගොවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.මෙහිදී වී කිලෝවක් සඳහා රුපියල් 25ක දිරි දීමනාවක් ලබාදීමට නියමිතය.

යැපුම් මට්ටමේ කුඩා පරිමාණ ගොවීන්ට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට මෙම ඇගයිම් දිරි දීමනාවන ලබාදෙයි.

වගා හානි සඳහා වන්දි ගෙවීමට අවශ්‍ය මුදල් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය වෙතින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කර තිබූ අතර එයට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



Recommended Articles